Monday, May 29, 2023

අභියෝගය කුමක් වුවත් පැවැත්ම වෙනුවෙන් එය ජය ගත යුතුය.


ලෝකයේ සිදුවීම් අතර සෑම වසරකට වරක් පමණක් දැක ගත හැකි වන සුන්දර දර්ශනයක් ලෙස කෙන්යාවේ masai mara (Kenya) සිට ටැන්සානියාවේ Serengeti (Tanzania) දක්වා wildebeests මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයකුත් සීබ්‍රාවන් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයකුත් සංක්‍රමණය වීම දැක්විය හැකිය.

ඡීවත් වන පරිසර පද්ධතිය වෙනස් වන විට ඔවුන් සිදු කරන්නේ තම ජීවිත ආරක්ෂාව හා පැවැත්ම උදෙසා සුදුසු දේශගුණයක් ඇති පරිසර පද්ධතියක් කරා ගමන් කිරීමයි. මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් එක රටක සිට තවත් රටක් දක්වා කිලෝමීටර් 2000ක් පමණ ආවරණය වන පරිදි ඉතා දුෂ්කර ගමනක නියලීමයි.

මෙය ඉතා අපහසු අභියෝග රැසකින් පිරි එකක් වනුයේ ඔවුන්ගේ මෙම සංක්‍රමණය තුළින් ඉතා පහසුවෙන් තම ආහාර අවශ්‍යතාවය සපුරාගැනීමේ අරමුණින් මග රැක සිටින සිංහයින්, ඔවුන් ගමන් කරන දිය පහරවල් වල සිටින කිඹුලන්ගෙන් තම ජීවිතය ආරක්ෂා කර ගැනීමයි. අභියෝග කෙතරම් පැමිණියත් ඒවා ජය ගැනීම කෙතරම් අපහසු වුවත් විවිධ උපක්‍රම අනුගමනය කරමින් ඔවුන් මේ සිදු කරන්නේ ජීවත් වීම අන් සෑම අභියෝගයකටම වඩා වටිනාකමින් යුතු නිසා නොවේද?

ස්වභාවික පරිසරයේ  ජීවත් වන සත්වයන් අභියෝගය ජයගන්නා ආකාරය දෙස බලන විට මිනිසුන් වූ අප පවතින නව අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ ඒවා ජය ගැනීමට වෙනස් ආකාරයෙන් කටයුතු කළ යුතු නොවේද?

සටහන : කාවින්දි 🖊️

No comments:

Post a Comment

 " මේ මොහොත සතුටින් ගත කරන්න ඕන"  කියන එක තමයි මනුස්සයෙක් ජීවිතේ ගන්න හොඳම තීරණය කියලා මම හිතනවා ඉඳලා හිටලා මනුස්සයෙක් එක්ක ජීවිතේ...