Monday, May 29, 2023


"මට සුළඟේ දිශාව වෙනස් කළ නොහැක, නමුත් මට මගේ ගමනාන්තයට ළඟා වීමට අවශ්‍ය පරිදි මගේ රුවල් වෙනස් කළ හැකියි"

                                             - ජිමී ඩීන් -


යම්කිසි ඉලක්කයක් වෙත යන විට අපට පාලනය කල නොහැකි බාධා හමුවේ. ඒවා ඇතැම් විට බාහිර පුද්ගලයින්ගෙන් හෝ යම් යම් නොවැළැක්විය හැකි සිද්ධීන් විය හැකිය. එබැවින් ඒවා වෙනස් කිරීමට තරමක් අපහසු විය ද හැකිය.

එබඳු අවස්ථාවන්හි දී අපගේ ඉලක්ක සපුරා ගැනීමට අප තුළ පවතින දෑ අපිට පහසුවෙන්ම වෙනස් කළ හැකිය. මන්ද යත් ඒවා තිබෙන්නේ අපගේ පාලනය තුළ වන බැවිනි. සාර්ථකත්වයට ගමන් කිරීම උදෙසා අපගේ ඉලක්ක ජය ගැනීමට අපගේ හැකියාවන්, කුසලතාවන් වෙනස් කර ගැනීමට අප සතුව ම හැකියාව පවතී.

ඔබ, ඔබ තුළින් වෙනස්වී සාර්ථකත්වයට යනවිට පවතින බොහෝ බාහිර බාධා පාලනය කිරීමට හැකියාව ලැබේ. රුවල් නැවක නැගී  ගමනක් යන විට සුළඟ හමන දිශාව අපට පාලනය කර ගත නොහැකි නමුත් රුවල නිසියාකාරව හැසිරවීම මත ඔබගේ ගමන සුළඟට වෙනස් කළ නොහැකි වේ. 

රුවල් නැමැති දක්ෂතා, නිවැරදිව හැසිරවීම තුලින් ඉලක්ක යන ගමනාන්තය වෙත නිසැකවම ලඟාවීමට හැකිවේ.



3 comments:

 " මේ මොහොත සතුටින් ගත කරන්න ඕන"  කියන එක තමයි මනුස්සයෙක් ජීවිතේ ගන්න හොඳම තීරණය කියලා මම හිතනවා ඉඳලා හිටලා මනුස්සයෙක් එක්ක ජීවිතේ...