" මේ මොහොත සතුටින් ගත කරන්න ඕන"
කියන එක තමයි මනුස්සයෙක් ජීවිතේ ගන්න හොඳම තීරණය කියලා මම හිතනවා
ඉඳලා හිටලා මනුස්සයෙක් එක්ක ජීවිතේ ගැන ටිකක් කතා කරාම,
ඒ මනුස්සයා තරම් දුක් වින්ද කෙනෙක් මේ ලෝකෙ නැති තරම්. හැමෝම එහෙමයි.
ජීවිත කතා ඇතුලෙ වැඩිපුරම තියෙන්නෙ අපරාදෙ කියන තැන්, අඬපු, කණගාටු වුන තැන්
ජීවත් වෙන කාලෙ ඇතුළෙ මිනිස්සු සතුටු වෙලාම නැද්ද ? නෑ
මිනිස්සු සතුට විඳලා තියෙනවා.
හැබැයි ගණන් කරන්නෙ දුක හිතුණු දේවල් විතරයි.
දවසින් දවස පුංචි පුංචි සතුටු කාරණා එකින් එක එකතු කරන්න. ගෙවෙන හැම මොහොතකදීම සතුටින් ජීවත් වෙන්න
නොහිතන වෙලාවන් වල ජීවිතේ ආශ්චර්‍යන් සිද්ධ වෙන්නෙ එතකොට.
No comments:
Post a Comment