ජීවිතයේ එක කාලයක් එනවා ,
අපි ඇසුරු කරන මොන තරම් පිරිස හිටියත්..
යන්න එන්න තැන් තිබුණත්
හුදෙකලාවටම පෙම් බඳින....
අන් අය මොන තරම් තමන්ව විනිශ්චය කළත්...
ඒ දේවල් තමන්ගේ ජීවිතයට
අදාල නොකර ජීවත් වෙන්න හිතන....
මහා ලොකු බලාපොරොත්තු නැතුවට
මේ මොහොතේ සතුට වෙනුවෙන්
ජීවිතය ගෙවන්න පුරුදු වෙන...
තමන්ගේ නිවැරදි බව ඔප්පු කරන්න
වෙහෙසෙනවාට වඩා
තමන්ගේ මානසික සාමය ගැන හිතලා නිහඬ වෙන...
ඔව්.. මිනිස්සු තමන්ගේ ජීවිතවල අත්දැකීම් එක්ක ජීවත් වෙන විදිය..තීරණ ගන්න විදිය වෙනස් වෙනවා....
අත්දැකීම් වලින් ජීවිතය ඉගෙන ගන්න මිනිස්සු වයස් බේදයක් නැතිවම පරිණතව හිතන්න පුරුදු වෙනවා. උපේක්ෂාවෙන් ජීවිතය දකින්න පුරුදු වුණ දවසට ජීවිතය හරිම සාමකාමියි... සැනසීමයි..
No comments:
Post a Comment